මාලිංග ගේ වාර්තාව ශකිබ් ඩැහැගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

මාලිංග ගේ වාර්තාව ශකිබ් ඩැහැගනී

මාලිංග ගේ වාර්තාව ශකිබ් ඩැහැගනී

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක් තමන් සතුකර ගැනීමට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා.

ඒ මෙතෙක් මාලිංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ විස්සයි විස්ස වැඩිම කඩුලූ ලාභියා නාමය හිමිකර ගනිමින්.

20-20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති පළමු වටයේ තරගයේදීයි ශකීබ් අල් හසන් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේ.

මෙම තරගයේ දී ඔහු ලකුණු 17 කට කඩුලූ 02 ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව මේ වනවිට තරග 89 කදී ඔහු ලබාගෙන ඇති විස්සයි විස්ස කඩුලූ සංඛ්‍යාව 108ක්.

ලසිත් මාලිංග තරග 84 කට ක්‍රීඩාකරමින් විස්සයි විස්ස පිටියේ කඩුලූ 107ක් බිඳ දමා තිබුණා.