Search

බටහිර ඔස්ටේ්‍රලියා කඳවුරු භූමියකදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා සෝදිසි මෙහෙයුමක්

බටහිර ඔස්ටේ්‍රලියා හි ප්‍රාදේශීය කලාපයක කඳවුරු භූමියක සිටියදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ වී තිබේ.

Cleo Smith නම් ඇය අවසන් වරට දැක ඇත්තේ Carnarvon සිට කිලෝමීටර් 50 ක් පමණ උතුරින් පිහිටි Macleod හි Blowholes Campground සිටියදී ඊයේ අලුයම 01 යි 30 ට පමණයි.

මේ වනවිට භූමිය තුළ පමණක් නොව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්ද සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නංවා තිබේ.

caravans සහ කූඩාරම් 60 කට ආසන්න ප්‍රමාණයක් අදාළ කඳවුරු භූමියේ ඉදි කර තිබී ඇති බව සඳහන්.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සැක පළකරන්නේ මෙය පැහැර ගැනීමක් බවටයි.

source : https://7news.com.au/news/wa/police-searching-cars-and-caravans-in-desperate-search-for-little-cleo-smith-missing-from-blowholes-campsite-c-4260408

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »