වික්ටෝරියා ලොක්ඩවුන් නීති වහා ලිහිල් කල යුතු බව ෆෙඩරල් මුදල් ඇමති කියයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක ලොක්ඩවුන් නීති වහා ලිහිල් කල යුතු බව ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය  Josh Frydenberg පවසයි.

මෙල්බර්න් නගරය වසා දමා ඇති දින ගණන ඉතා ඉහළ බවත් තවදුරටත් දැඩි සීමා පවත්වාගෙන යාමෙන් සිදුවන්නේ මානසික රෝගවලට ලක්වන සංඛ්‍යාව ඉහළ යාම පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට සීමා ලිහිල් නොකර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට වික්ටෝරියා වෙත ඇතුලුවීමට ඉඩ ලබාදීමේ තීරණයද ඔහුගේ දැඩි විවේච්චනයට ලක්ව තිබේ.

නොවැම්බර් 01 වනදා වනවිට වික්ටෝරියා හි සියලු ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ අවශ්‍යතාවයද  Josh Frydenberg අවධාරණය කර සිටී.

එමෙන්ම ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සම්පූර්ණ කල වහා දැනට ගෙවනු ලබන කොවිඩ් ආපදා සහන මුදල් ගෙවීම නතර කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/josh-frydenberg-flays-victorias-ludicrous-lockdown-that-has-residents-up-in-arms-c-4249710

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »