Day: October 16, 2021

මෙල්බර්න් නගරයෙන් තවත් පසු කම්පන 02 ක්

රික්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන සති කිහිපයකට පසු මෙල්බර්න් නගරයෙන් අද දිනයේදී තවත් පසු කම්පන 02 ක් වාර්තා වී තිබේ. Rawson & Baw Baw Shire ප්‍රදේශවලින් අද පෙරවරුවේ පසු කම්පන සටහන් වූ බව Geoscience Australia නිවේදනය කලේය. ඒවා රික්ටර් මාපකයේ සටහන්වී ඇත්තේ ඒකක 2.9 ක් හා 2.8 ක් ලෙසිනි. කෙසේවෙතත් මෙම කම්පන හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැත. source : https://www.9news.com.au/national/victoria-earthquake-more-aftershocks-recorded-in-state-weeks-after-59-magnitude-earthquake/75b19cde-bd6e-40fc-97c7-127d966e3036

Read More »

NSW සියයට 80 එන්නත්කරණ ඉලක්කය පසු කරයි – සඳුදා සිට ලිහිල් වන රෙගුලාසි මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ලබන සඳුදා සිට නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කරන බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය. මේ අනුව නිවසකට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමේ. බාහිර හමුවීම් උපරිමය 50 දක්වා වැඩි කෙරේ. සම්පූර්ණ ලිහිල් කිරීම් පහත පරිදිය.   SOURCE : 7NEWS

Read More »

වික්ටෝරියා ලොක්ඩවුන් නීති වහා ලිහිල් කල යුතු බව ෆෙඩරල් මුදල් ඇමති කියයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක ලොක්ඩවුන් නීති වහා ලිහිල් කල යුතු බව ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය  Josh Frydenberg පවසයි. මෙල්බර්න් නගරය වසා දමා ඇති දින ගණන ඉතා ඉහළ බවත් තවදුරටත් දැඩි සීමා පවත්වාගෙන යාමෙන් සිදුවන්නේ මානසික රෝගවලට ලක්වන සංඛ්‍යාව ඉහළ යාම පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට සීමා ලිහිල් නොකර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට වික්ටෝරියා වෙත ඇතුලුවීමට ඉඩ ලබාදීමේ තීරණයද ඔහුගේ දැඩි විවේච්චනයට ලක්ව තිබේ. නොවැම්බර් 01 වනදා වනවිට වික්ටෝරියා හි සියලු ප්‍රාන්ත සීමා විවෘත

Read More »

ඊයේ වික්ටෝරියා කොවිඩ් මරණ අතරට 15 හැවිරිදි දැරියක් / Dandenong ඇතුලු ප්‍රදේශවල කොවිඩ් තත්වය ඉහළට

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට 15 හැවිරිදි දැරියකද වන බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසයි. ඇයට තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම තිබී ඇති බවයි ප්‍රාන්තයේ කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ. මේ අතර ඇතුලු මෙල්බර්න් ගිණිකොන දිග ප්‍රදේශවල කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළයාමක් වාර්තා වන බවද ඔහු කියාසිටියේය. Hampton Park, Clyde, Narre Warren, Dandenong, Noble Park & Keysborough ප්‍රදේශ ඒ අතර වෙයි. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ

Read More »
bondi sydney beach

වසරේ මුල් මාස 08 තුළදී NSW පොලිසියෙන් ලොක්ඩවුන් නීති කඩ කිරීමට දඩ 34,000 ක්

මෙම වසරේ මුල් මාස 08 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් ලොක්ඩවුන් නීති කඩ කිරීමට අදාළව දඩ 34,000 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර තිබේ. NSW පොලිසිය විසින් පාර්ලිමේන්තු කමිටුවක් වෙත ඉදිරිපත් කල වාර්තාවක දැක්වෙන්නේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා කාලය තුළ දඩ නිවේදන 34,649 ක් නිකුත් කර තිබූ බවයි. මින් බහුතරයක් අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා නිවාසවලින් පිටතට යාම් වනවා. එමෙන්ම වැරදියට නිකුත් කර තිබූ දඩ නිවේදන 22 ක් ආපසු කැඳවා ඇතැයිද

Read More »