Day: October 16, 2021

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය මෙල්බර්න් වරායෙන් – වටිනාකම $ මිලියන 140 ක්

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය මෙල්බර්න් වරායෙන් සොයාගෙන තිබේ. ඒ මැලේසියාවේ සිට එවන ලද බහාලුමක සගවා තිබියදීයි. මෙහි තිබී හෙරොයින් කිලෝ 450 ක් හමුවී ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 140 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ. පාර්සල් 1290 ක් ලෙස මෙම හෙරොයින් තොග සකස් කර තිබී ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියා ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා පොලිසිය කියයි.   pic  – AAP

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 321 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (15) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 321 ක් වාර්තා වි තිබේ. දැනට 652 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 138 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 516 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 66,311 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1449134848598163456?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,993ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,993 ක් හමුව ඇත. මරණ 7ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,647 කි. ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 79,214 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 40,386ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1449132989120540677?s=20   අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »
VEHICLE

ශ්‍රී ලංකාවට නැවතත් වාහන ආනයනය කිරීමට ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවට නැවතත් වාහන ආනයනය කිරීමට සඳහා වන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කරයි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ වාහන ආනයනයේදී අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශීය විනිමය හරහා සිදු කිරීම පිළිබඳව පිළිබඳ ව මෙහි දී යෝජනා කර ඇති බවයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට

Read More »

ඔස්ටේ්‍රලියාවේ ලාංකේය මාධ්‍ය පෙරළිකරුගේ පළමු සංවත්සරය අද – නවමු සංගීතමය අත්දැකීම රෑ 08 සිට

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු, Ausලංකා TV අද සිය පළමු සංවත්සරය සමරනු ලබයි. ගතවූ වසර පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට අමතක නොවන අත්දැකීම් එක් කල අයුරින්ම පළමු සංවත්සර සැමරුමද නවමු අන්දමින් සැමරීමට Ausලංකා TV කටයුතු යොදා තිබේ. අද රාත්‍රී 08 සිට virtual ක්‍රමයට 100% free නැවුම් සංගීතමය අත්දැකීමක් විඳගැනීමට ඔබටත් හැකියි. සුසිල් ප්‍රනාන්දු – නාමල් උඩුගම – රයිනි චාරුකා සහ තීක්ෂණ අනුරාධ සංගීත වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යොවුන් සංගීත කණ්ඩායමක් බවට පත්ව සිටින සරිත්

Read More »