ඊයේ වික්ටෝරියා කොවිඩ් මරණ අතරට 15 හැවිරිදි දැරියක් / Dandenong ඇතුලු ප්‍රදේශවල කොවිඩ් තත්වය ඉහළට

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට 15 හැවිරිදි දැරියකද වන බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසයි.

ඇයට තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම තිබී ඇති බවයි ප්‍රාන්තයේ කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ.

මේ අතර ඇතුලු මෙල්බර්න් ගිණිකොන දිග ප්‍රදේශවල කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළයාමක් වාර්තා වන බවද ඔහු කියාසිටියේය.

Hampton Park, Clyde, Narre Warren, Dandenong, Noble Park & Keysborough ප්‍රදේශ ඒ අතර වෙයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,993 ක් හමුව ඇත.

මරණ 7ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,647 කි.

ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 79,214 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 40,386ක් ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »

ඉගෙන ගන්න ආපු ජාත්‍යන්තර සිසු සිසුවියන් ඔස්ට්‍රේලියාව ගැන කියපු කතාව

ආසියාවේ සිසුන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලැබීමට හොඳ රැකියාවක්, ජීවිත සමතුලිතතාවයක් සහ වඩා හොඳ වෘත්තීය අපේක්ෂාවන් හේතු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩු සති අන්තයේ ගමන් සැලසුම් කරන අයට උපදෙසක්

පාස්කු උත්සවය වෙනුවෙන් සති අන්ත නිවාඩුව ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළවල මෙම වසරේ කාර්යබහුලම දිනය අද වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Read More »