Tax return අයදුම්පත් දීම නොවැම්බර් 01 න් අවසන්

Tax return තොරතුරු දීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට ලැබී ඇති කාලය තවත් සති 02 කින් නිමාවට පත් වේ.

අදාළ කාලය තුළදී නිසි අයදුම්පත් ලබාදීමට අපොහොසත්වුවහොත් ඩොලර් 1100 කට වැඩි දඩයකට යටත්වීමට සිදුවනු ඇත.

සාමාන්‍යයෙන් සෑම වසරකම Tax return යොමු කල යුතු අවසාන දිනය වන්නේ ඔක්තෝබර් 31 වනදායි.

එහෙත් මෙවර එම දිනය ඉරිදා දිනයක යෙදී ඇති බැවින් පසුදින එනම් නොවැම්බර් 01 වනදා දක්වා අවස්ථාව හිමිවේ.

ලියාපදිංචි බදු ඒජන්තවරයෙකු හරහා නොව තමා විසින්ම ලබාදෙන අයදුම්පත් සඳහායි මෙම දිනය වලංගු වන්නේ.

ලියාපදිංචි බදු නියෝජිතයන් විසින් අනිවාර්යයෙන් ඔක්තෝබර් 31 වනදාට පෙර ඒවා සැපයිය යුතුයි.

source : https://www.9news.com.au/national/australia-tax-return-deadline-dates-fy21-how-much-is-the-fine-for-failing-to-lodge-a-return/6fb959fc-8111-44b8-ab72-1120445bdd9d

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »