Day: October 14, 2021

Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

නිවු සවුත් වේල්ස් Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බර වාහන 03 ක්ද ගැටුණු වාහන අතර වන බව NSW පොලිසිය කියයි. අනතුරත් සමග දිගු රථවාහන පෝලිමක් නිර්මාණය වී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත් කර ඇත. ප්‍රදේශයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටද පොලිසිය සැක පළකරනවා. අද පෙරවරුවේ නිවු සවුත් වේල්ස් හි ස්ථාන කිහිපයක අයිස් වර්ෂා ද හටගෙන තිබිණ. PIC – 7 NEWS

Read More »
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

දෛනික ආසාධිතයන් ඉහළ ගියද ලබන සතියේ වික්ටෝරියා Lockdown සීමා ලිහිල් කරනවා

වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ ගියද ප්‍රකාශයට පත් කර ඇති මාර්ග සැලැස්ම (Road map) ක්‍රියාවට නැංවීම සඳහා එය බාධාවක් නොවන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පවසයි. ඒ අනුව සියයට 70 පූර්ණ එන්නත්කරණ ඉලක්කය ජයගත් වහා වික්ටෝරියා ප්‍රාන්තය දැනට ක්‍රියාත්මක 06 වන ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරෙන බවයි ඔහු කියාසිටියේ. බොහෝදුරට ලබන සතියේදී මෙම ඉලක්කය සපුරාගනු ඇතැයිද අපේක්ෂිතයි. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,297 ක් හමුව ඇත.

Read More »

NSW වැසියන්ට 2022 ජුනි දක්වා වලංගු අතිරේක Dine and Discover වවුචර 02 ක්

කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සහන නිවේදනය කරයි. 2022 වසරේ ජුනි මාසය දක්වා වලංගු අතිරේක Dine and Discover වවුචර 02 ක් නිව් සවුත් වේල්ස් වැසියන්ට ලබාදීමට ප්‍රාන්ත රජය විසින් කටයුතු කර ඇත. තවද එළිමහනේ ආහාර ගැනීම දිරිමත් කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 66 ක් වෙන් කර ඇත. මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 76.5% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති

Read More »

Tax return අයදුම්පත් දීම නොවැම්බර් 01 න් අවසන්

Tax return තොරතුරු දීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට ලැබී ඇති කාලය තවත් සති 02 කින් නිමාවට පත් වේ. අදාළ කාලය තුළදී නිසි අයදුම්පත් ලබාදීමට අපොහොසත්වුවහොත් ඩොලර් 1100 කට වැඩි දඩයකට යටත්වීමට සිදුවනු ඇත. සාමාන්‍යයෙන් සෑම වසරකම Tax return යොමු කල යුතු අවසාන දිනය වන්නේ ඔක්තෝබර් 31 වනදායි. එහෙත් මෙවර එම දිනය ඉරිදා දිනයක යෙදී ඇති බැවින් පසුදින එනම් නොවැම්බර් 01 වනදා දක්වා අවස්ථාව හිමිවේ. ලියාපදිංචි බදු ඒජන්තවරයෙකු හරහා නොව තමා විසින්ම ලබාදෙන අයදුම්පත් සඳහායි මෙම දිනය වලංගු

Read More »

සැප්තැම්බර්යේ විරැකියාව ඉහළට – වැඩිම පිරිස වික්ටෝරියාවෙන්

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී සියයට 0.1 කින් ඉහළ ගොස් සියයට 4.6 දක්වා පත්වී තිබේ. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසයේදී වික්ටෝරියා හි පුද්ගලයන් 123,000 කට රැකියා අහිමිවී ඇත. නිවු සවුත් වේල්ස් හි පුද්ගලයන් 25,000 ක් පමණ පසුගිය මාසයේදී රැකියා විරහිත තත්වයට පත්වී ඇත. වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ACT ඇතුලු ප්‍රාන්ත කිහිපයක ලොක්ඩවුන් තත්වය දීර්ඝ කිරීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ. පසුගිය මාසයේදී 281,000 කට පමණ රැකියා අහිමිවී ඇති අතර නව රැකියා ලැබී

Read More »