Day: October 14, 2021

වික්ටෝරියා හි කොවිඩ් ආශ්‍රිතයන් වූ 12 වසරේ සිසුන්ට අවසාන විභාග සඳහා විශේෂ ක්‍රමවේදයක්

කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ 12 වන වසරේ සිසුන්ටද අවසාන වාර විභාග සඳහා පෙනී සිටීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබේ. ඔවුන් අනෙකුත් සිසුන්ගෙන් වෙන් කර වෙනම කාමරවල විභාගයට පෙනී සිටිය යුතු වනවා. කොව්ඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව ඇත්නම් ඔවුන් ලබන සතියේ සිට දින 02 කට වරක් කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දීම අනිවාර්යයි. අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසුවේ කොවිඩ් ආසාධිත සිසුන් අධීක්ෂණය වෙනුවෙන් වෙනම අධ්‍යයන කාර්ය මණ්ඩලයක් පත් කෙරෙන බවයි. කෙසේවෙතත් දැනටමත් කොවිඩ් ආසාධිතයන් බවට පත්ව ඇති

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 407 ක් / මරණ 06 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 407 ක් වාර්තා වි තිබේ. දැනට 711 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 143 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 510 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 85,133 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1448408119021686784?s=20

Read More »

Breaking : වික්ටෝරියාවේ දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,297 ක් හමුව ඇත. මරණ 11ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,505 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 82,762 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,611ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1448408236365737985?s=20   අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

ඔස්ටේ්‍රලියාවේ ලාංකික සංගීත පෙරළියට තව දින 02 යි – ඔබ සූදානම්ද ??

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු, Ausලංකා TV ලබන 16 වනදා සිය පළමු සංවත්සරය සමරනු ලබයි. අඩුම කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට Ausලංකා TV මේ වනවිට පත්වී අවසන්. සියලු ශ්‍රේණිගත කිරීම් තහවුරු කරන ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය ඩිජිටල් විද්‍යුත් මාධ්‍ය අතර අංක 01, Auලංකා TV මසකට නැරඹුම් වාර මිලියනය පසු කරන Facebook පිටුව​ මෙන්ම Alexa ශ්‍රේණිගත කිරීමේ දිනකට වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් නරඹන web පිටුවයි. ගතවූ වසර පුරා සහෘද ප්‍රේක්ෂක

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත නිපදවීම අත්හිටුවයි

ඔස්ටේ්‍රලියාව තුළ මින් ඉදිරියට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත නිපදවීම අත්හිටුවීමට තීරණය වී තිබේ. ඒ ෆයිසර් හා මොඩර්නා එන්නත් සඳහා ඇති ඉහළ ඉල්ලුම හේතුවෙනි. TGA විසින් මුලින්ම අනුමත කල එන්නතක් වුවද ඇස්ට්‍රා-සෙනෙකා භාවිතයෙන් පසු රුධිර කැටි ගැසීම් සිදුවන බවට අනාවරණවීමත් සමග ඊට ඇති ජනප්‍රියත්වය පහළ ගියේය. දැනට ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා මාත්‍රා මිලියන 12.5 ක් පමණ ලබාදී ඇති අතර ෆයිසර් මාත්‍රා මිලියන 18.6 ක් සහ මොඩර්නා මාත්‍රා 335,378 ක් ලබාදී තිබේ. ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදීම පළමුව ආරම්භ කෙරුණේ

Read More »