Search

වික්ටෝරියා හි කොවිඩ් ආශ්‍රිතයන් වූ 12 වසරේ සිසුන්ට අවසාන විභාග සඳහා විශේෂ ක්‍රමවේදයක්

කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ 12 වන වසරේ සිසුන්ටද අවසාන වාර විභාග සඳහා පෙනී සිටීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබේ.

ඔවුන් අනෙකුත් සිසුන්ගෙන් වෙන් කර වෙනම කාමරවල විභාගයට පෙනී සිටිය යුතු වනවා.

කොව්ඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව ඇත්නම් ඔවුන් ලබන සතියේ සිට දින 02 කට වරක් කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දීම අනිවාර්යයි.

අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසුවේ කොවිඩ් ආසාධිත සිසුන් අධීක්ෂණය වෙනුවෙන් වෙනම අධ්‍යයන කාර්ය මණ්ඩලයක් පත් කෙරෙන බවයි.

කෙසේවෙතත් දැනටමත් කොවිඩ් ආසාධිතයන් බවට පත්ව ඇති සිසුන්ට විභාග සඳහා පෙනී සිටීමට අවසර හිමි නොවන අතර ඔවුන්ගේ ඇගයීම් පාදක කරගත් ළකුණු ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

source : https://7news.com.au/news/education/virus-exposed-vic-students-can-sit-exams-c-4233875

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »