දෛනික ආසාධිතයන් ඉහළ ගියද ලබන සතියේ වික්ටෝරියා Lockdown සීමා ලිහිල් කරනවා

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ ගියද ප්‍රකාශයට පත් කර ඇති මාර්ග සැලැස්ම (Road map) ක්‍රියාවට නැංවීම සඳහා එය බාධාවක් නොවන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පවසයි.

ඒ අනුව සියයට 70 පූර්ණ එන්නත්කරණ ඉලක්කය ජයගත් වහා වික්ටෝරියා ප්‍රාන්තය දැනට ක්‍රියාත්මක 06 වන ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරෙන බවයි ඔහු කියාසිටියේ.

බොහෝදුරට ලබන සතියේදී මෙම ඉලක්කය සපුරාගනු ඇතැයිද අපේක්ෂිතයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,297 ක් හමුව ඇත.

එය මේ දක්වා ප්‍රාන්තයෙන් එක් දිනයකදී හමුවූ වැඩිම ආසාධිතයන් ගණනයි.

මරණ 11ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,505 කි.

ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 82,762 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,611ක් ලබා දී තිබේ.

source : https://www.abc.net.au/news/2021-10-14/victoria-covid-cases-vaccine-melbourne-roadmap/100537786

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »