Search

NSW වැසියන්ට 2022 ජුනි දක්වා වලංගු අතිරේක Dine and Discover වවුචර 02 ක්

කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සහන නිවේදනය කරයි.

2022 වසරේ ජුනි මාසය දක්වා වලංගු අතිරේක Dine and Discover වවුචර 02 ක් නිව් සවුත් වේල්ස් වැසියන්ට ලබාදීමට ප්‍රාන්ත රජය විසින් කටයුතු කර ඇත.

තවද එළිමහනේ ආහාර ගැනීම දිරිමත් කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 66 ක් වෙන් කර ඇත.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 76.5% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 91.1% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණයේ 70% ඉලක්කයට පසු කළ පසු දෛනික කොවිඩ් ආසදිතයින්ගේ ප්‍රමාණය අදාළ නොවන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »