Search

ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනු ඇති බවට අනාවැකි

වසර 04 කට පසු බොරතෙල් මිළ ඉහළම අගය වාර්තා කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනු ඇති බවට අනාවැකි පළවේ.

2019 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 84.60 ක් ලෙස ඊයේ සටහන් විය.

ඒ අනුව සෑම ප්‍රාන්තයකම පාහේ සාමාන්‍ය පෙට්‍රල් මිළ අගය ඔස්ටේ්‍රලියානු ඩොලර් 1.70 ක් බවට පත්වනු ඇති බවට අනතුරු ඇගවේ.

වසර 22 කට පසු පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ ඉන්ධන මිළ පසුගිය වසරේදී පහළම අගය වාර්තා කලේය.

ඒ කොවිඩ් වසංගතයත් සමග පණවන ලද ලොක්ඩවුන් සීමා හමුවේ ප්‍රවාහන කටයුතු සැළකිය යුතු මට්ටමකින් අඩුවීමත් සමගයි.

source : https://www.9news.com.au/national/australian-petrol-prices-on-the-verge-of-record-highs-as-crude-oil-price-peaks/8442861f-48c8-4d88-b1f9-266b809a3380

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »