Day: October 12, 2021

ශ්‍රී ලංකාව තුළ සයිබර් ආරක්ෂණයට අලුත් නීති

සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය. ඒ අනුව ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය. විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් සයිබර් අවකාශය හරහා සිදුකෙරෙන විද්‍යුත් සන්නිවේදනය

Read More »

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වයට ශ්‍රී ලංකාව, ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 04 ක් සටනට

2026 වසරේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවද කැමැත්තෙන් පසුවන බව බී බී සී ලෝක සේවය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට අමතරව ඔස්ටේ්‍රලියාව / කැනඩාව සහ ඉන්දියාවද එලෙස කැමැත්ත පළකර ඇති රටවල් අතරට අයත්. කෙසේවෙතත් මේ දක්වා කුමන රටකට සත්කාරකත්වය ලබාදෙන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැහැ. ලබන වසරේ මුලදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදීයි. 2018 වසරේ පැවති පොදු රාජ්‍ය

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනු ඇති බවට අනාවැකි

වසර 04 කට පසු බොරතෙල් මිළ ඉහළම අගය වාර්තා කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනු ඇති බවට අනාවැකි පළවේ. 2019 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 84.60 ක් ලෙස ඊයේ සටහන් විය. ඒ අනුව සෑම ප්‍රාන්තයකම පාහේ සාමාන්‍ය පෙට්‍රල් මිළ අගය ඔස්ටේ්‍රලියානු ඩොලර් 1.70 ක් බවට පත්වනු ඇති බවට අනතුරු ඇගවේ. වසර 22 කට පසු පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ ඉන්ධන මිළ පසුගිය වසරේදී පහළම අගය වාර්තා කලේය.

Read More »

කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් NSW ව්‍යාපාර සඳහා නව පැකේජයක්

කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නව ව්‍යාපාර පැකේජයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් නිවේදනය කළේය. සුදුසුකම් ලත් වෙළඳුන්ට ඇතැම් සේවාවන් සහ ගාස්තු සඳහා ඩොලර් 2,000 ක වට්ටමක් මේ හරහා ගත හැකිය. නත්තලට පෙර කල් ඉකුත් වන භාණ්ඩ තොග සමඟ ගනුදෙනු කරන ව්‍යාපාර සඳහා ද සැලකිය යුතු වට්ටම් ප්‍රකාශයට පත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ප්‍රකාශ කළේය. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස්

Read More »

කල් ඉකුත් දින වෙනස් කර අලෙවිය : ලංකාවෙන් ඔස්ටේ්‍රලියාවට එන සියලු භාණ්ඩ black list වීමේ අවධානමක්

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ශ්‍රී ලාංකික නිෂ්පාදන කල් ඉකුත් වූ පසුවත් දින වෙනස් කර තවමත් අලෙවි කරන බවට පාරිභෝගිකයන් අඛණ්ඩව චෝදනා කරමින් සිටී. විශේෂයෙන් කුඩා ළමුන් පවා ආහාරයට ගන්නා බැවින් මෙම ක්‍රියාව ඉතා අවධානම් සහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පවා අප අවස්ථා ගණනාවකදී හෙළිදරව් කිරීම සිදුකලා. මෙවර Current Affairs ඔස්සේද අප අවධානය යොමු කලේ ඒ පිළිබඳවයි. එහිදී ප්‍රධාන පෙලේ ආහාර අපනයන සමාගම් කිහිපයක ඉහළම තනතුරු හොබවන්නන් සම්බන්ධ කරගැනීමට අපට හැකිවුණා. Araliya

Read More »