කල් ඉකුත් දින වෙනස් කර අලෙවිය : ලංකාවෙන් ඔස්ටේ්‍රලියාවට එන සියලු භාණ්ඩ black list වීමේ අවධානමක්

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ශ්‍රී ලාංකික නිෂ්පාදන කල් ඉකුත් වූ පසුවත් දින වෙනස් කර තවමත් අලෙවි කරන බවට පාරිභෝගිකයන් අඛණ්ඩව චෝදනා කරමින් සිටී.

විශේෂයෙන් කුඩා ළමුන් පවා ආහාරයට ගන්නා බැවින් මෙම ක්‍රියාව ඉතා අවධානම් සහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පවා අප අවස්ථා ගණනාවකදී හෙළිදරව් කිරීම සිදුකලා.

මෙවර Current Affairs ඔස්සේද අප අවධානය යොමු කලේ ඒ පිළිබඳවයි.

එහිදී ප්‍රධාන පෙලේ ආහාර අපනයන සමාගම් කිහිපයක ඉහළම තනතුරු හොබවන්නන් සම්බන්ධ කරගැනීමට අපට හැකිවුණා.

Araliya products D & R Exports ආයතනයේ CEO, රාජ් කුමාර්එ හිදී පවසා සිටියේ සහල් සඳහා උපරිම කල් ඉකුත් වීමේ දිනය අවුරුදු 03 ක් ලෙස දක්වා තිබුණද මාස 06 ක් ඇතුළත ඒවා අලෙවි වී අවසන්වීම සාමාන්‍යයෙන් සිදුවන බවයි.

අලෙවි කරන ආහාර නැවුම් විය යුතු බැවින් මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් සිදුකරන්නේ විශාල පාපයක් බවද ඔහු සඳහන් කලා.

MA’s Kitchen ආයතනයේ නිර්මාතෘ – කළමණාකරණ අධ්‍යක්ෂ මාරියෝ ද අල්විස් පැවසුවේ ඔස්ටේ්‍රලියාව තුළ සිටින ශ්‍රී ලාංකික පමණක් නොව සෙසු ජන කොට්ඨාශ පවා ඉලක්ක කරගනිමන් සිය නිෂ්පාදන අලෙවි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

MA’s Kitchen හි Chief Compliance officer ශෙරාන් ද අල්විස් ප්‍රකාශ කලේ අපනයන කරන ඕනෑම ආහාරයක කල් ඉකුත්වීමේ දිනය උපරිම අවුරුදු 02 ක් තුළ තිබිය යුතු බවයි.

මාස 02 කට හෝ 03 කට වරක් අපනයන සිදුකරන බැවින් කිසිදු අයුරකින් කල් ඉකුත්වූ භාණ්ඩ පවතින්න හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කලා.

දිනය මාරු කර ඇතැමුන් සිදුකරන වංචනික දේවල් හමුවේ අදාළ සමාගම පමණක් නොව රටම අසාදු ලේඛන (black list) ගතවිය හැකි බවයි ශෙරාන් ද අල්විස් කියාසිටියේ.

මෙවැනි කරුණු හමුවේ ඔස්ටේ්‍රලියානු රේගුව පවා සියලු ලාංකික නිෂ්පාදන දෙස වපර ඇහින් බලන්න පුලුවන් බවද ඔහු පවසා සිටියා.

කිසිදු අයුරකින් භාණ්ඩ හිගයක් ඇතිවිය නොහැකි බව Ruhunu Foods (pvt) Ltd ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ රුශාන් මුතුමාල කියා සිටියේය.

Lanka canneries ආයතනයේ අපනයන කළමණාකරු සනත් ඇල්කඩුව පවසා සිටියේ කල් ඉකුත්වීමේ උපරිම දිනය අවුරුදු 02 ක් වන අතර ඉන් ඔබ්බට කිසිදු ආකාරයකින් එවන් දිනයක් පැවතිය නොහැකි බවයි.

මෙවර Current Affairs සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »