කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් NSW ව්‍යාපාර සඳහා නව පැකේජයක්

කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නව ව්‍යාපාර පැකේජයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් නිවේදනය කළේය.

සුදුසුකම් ලත් වෙළඳුන්ට ඇතැම් සේවාවන් සහ ගාස්තු සඳහා ඩොලර් 2,000 ක වට්ටමක් මේ හරහා ගත හැකිය.

නත්තලට පෙර කල් ඉකුත් වන භාණ්ඩ තොග සමඟ ගනුදෙනු කරන ව්‍යාපාර සඳහා ද සැලකිය යුතු වට්ටම් ප්‍රකාශයට පත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ප්‍රකාශ කළේය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 360 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන්ගෙන් 80% ක් පූර්ණ එන්නත්කරණය ලබාගත් පසු ප්‍රාන්තයේ මීළඟ කොවිඩ් නීති ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂිතය.

එය සඳුදා වන විට පසු කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »