Day: October 12, 2021

වික්ටෝරියාවාසීන්ට සුභ ආරංචියක් – නියමිත දිනයට කලින් Lockdown සීමා ලිහිල් වන ළකුණු

මින් ඉදිරියට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රාන්තයේ ආසාධිතයන් සංඛ්‍යාවේ උපරිමයට මේ වනවිට ළගාවි ඇති බවයි. වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ දක්වා දිනයකදී සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණන පසුගිය සෙනසුරාදා සටහන්විය. ඒ ආසාධිතයන් 1965 ක් ලෙසයි. සතියකට පමණ පසු අඩුම ආසාධිතයන් ලෙස රෝගීන් 1466 ක් අද දිනයේදී සටහන්විය. මේ අතර සියයට 70 එන්නත්කරණ ඉලක්කය නියමිත දිනයට පෙර සපුරාගත හැකි වුවහොත් ලොක්ඩවුන් නීති ද

Read More »

ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට ???

ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා වන තේරීම් සඳහා තමන් පිළිබඳ සලකා බැලීමට හැකි බවට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා. ඉකුත් ජුලි මාසයේ සිට මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගනු ලැබූ අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට පවා සුදානම්ව සිටි බවටයි වාර්තා පළවුයේ. කෙසේ වුවත් ඉදිරි තරගාවලි සඳහා වූ තෝරා ගැනීම් වලට තමන් සුදානම් බවට මැතිව්ස් ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම

Read More »

Casey – Dandenong කොවිඩ් ආසාධිතයන් ඉහළට / ලාංකික වෛද්‍යවරයෙකු හේතුව පහදයි

මෙල්බර්න් හි Casey ඇතුලු ගිණිකොන දිග suburbs කිහිපයක් මේ වනවිට කොවිඩ් අධි අවධානම් කලාප බවට පත්වෙමින් පවතී. Casey නගරයේ දැනට සක්‍රීය ආසාධිතයන් 1387 ක් සිටින අතර එය වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සැළකීමේදී 03 වන ස්ථානයට වැඩිම සංඛ්‍යාවයි. Hume හි ආසාධිතයන් 3244 ක් සහ Whittlesea හි ආසාධිතයන් 1751 ක් වාර්තා වී ඇත. ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවඩ් ආසාධිතයන් අතුරින් 174 දෙනෙකු Casey ප්‍රදේශයෙන් හමුවී ඇති බවද සඳහන්. එය ඊයේ ආසාධිතයන්ගෙන් එක් නගරයකින් හමුවූ වැඩිම ආසාධිතයන් ගණනද වනවා. විශේෂයෙන් මෙල්බර්න්

Read More »

ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක

ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක පවතින බවට තොරතුරු හෙළිවෙයි. පුද්ගලයන් 1000 ක් පළමු අධියරේදී සහභාගී කර ගැනීමට නියමිත වුවද ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ 407 දෙනෙකු පමණි. ඉතා දැඩි රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බවටයි සැළකෙන්නේ. පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම – දින 03 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතුවීම සහ තනිව හෝ සමස්ත පවුලම සමග නිරෝධායනය වීම ඒ අතර වනවා. නිරෝධායන මධ්‍යස්ථානයකට ගොස් නිරෝධායනයවීමට වඩා

Read More »
HOSPITAL AMBULANCE

NSW මුලු කොවිඩ් මරණ 500 ක් බවට පත්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 360 ක් වාර්තා වි තිබේ. දැනට 766 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 155 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 500 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 88,988 ක් සිදු කර ඇත.

Read More »