Search

ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට ???

ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා වන තේරීම් සඳහා තමන් පිළිබඳ සලකා බැලීමට හැකි බවට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

ඉකුත් ජුලි මාසයේ සිට මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගනු ලැබූ අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට පවා සුදානම්ව සිටි බවටයි වාර්තා පළවුයේ.

කෙසේ වුවත් ඉදිරි තරගාවලි සඳහා වූ තෝරා ගැනීම් වලට තමන් සුදානම් බවට මැතිව්ස් ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකු වන මැතිව්ස් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන්නේ නැහැ.

ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිත බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »