වික්ටෝරියාවාසීන්ට සුභ ආරංචියක් – නියමිත දිනයට කලින් Lockdown සීමා ලිහිල් වන ළකුණු

මින් ඉදිරියට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රාන්තයේ ආසාධිතයන් සංඛ්‍යාවේ උපරිමයට මේ වනවිට ළගාවි ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ දක්වා දිනයකදී සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණන පසුගිය සෙනසුරාදා සටහන්විය.

ඒ ආසාධිතයන් 1965 ක් ලෙසයි.

සතියකට පමණ පසු අඩුම ආසාධිතයන් ලෙස රෝගීන් 1466 ක් අද දිනයේදී සටහන්විය.

මේ අතර සියයට 70 එන්නත්කරණ ඉලක්කය නියමිත දිනයට පෙර සපුරාගත හැකි වුවහොත් ලොක්ඩවුන් නීති ද නියමිත දිනයට පෙර ලිහිල් කල හැකි බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසීය.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/cautiously-optimistic-health-chief-welcomes-victorias-covid-case-numbers–c-4214165

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »