Day: October 12, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් 1,466 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,466 ක් හමුව ඇත. මරණ 8ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,627 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,509 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,383ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1447680826716528641?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

ලංකාවට ඇවිත් පැය 05 කින් හැරී ගිය අමෙරිකානුවා / ඇමති නියමයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල පුළුල් ලෙස ප්‍රචාරය වෙයි. ඔහු එහි දි සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට

Read More »

ඔස්ටේ්‍රලියාව සහ ෆිජී අතර ගුවන් ගමන් ලබන දෙසැම්බර් 16 දා සිට

කලින් ප්‍රකාශයට පත්කල දිනයට සතියකට පෙර අන්තර්ජාතික ගුවන් ගමන් ආරම්භ කිරීමට Virgin Australia ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව ඔස්ටේ්‍රලියාව සහ ෆිජී අතර ගුවන් ගමන් ලබන දෙසැම්බර් 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි. කලින් සැළසුම් කර තිබුණේ එය දෙසැම්බර් 23 වනදා සිට ආරම්භ කිරීමටයි. පලමුවෙන් සිඩ්නි සහ Nadi අතර ගුවන් ගමන් දෙසැම්බර් 16 වනදාත් / මෙල්බර්න් සහ Nadi අතර ගුවන් ගමන් 17 වනදාත් / බ්‍රිස්බන් සහ Nadi අතර ගුවන් ගමන් දෙසැම්බර් 18 වනදාත් ආරම්භ කෙරෙනු

Read More »