ලංකාවට ඇවිත් පැය 05 කින් හැරී ගිය අමෙරිකානුවා / ඇමති නියමයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල පුළුල් ලෙස ප්‍රචාරය වෙයි.

ඔහු එහි දි සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණියට උපදෙස් දි ඇත්තේ මේ පිළිබද පුළුල් විමර්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ඇමතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කෙරෙන බවයි.

 

VIDEO COURTESY : HIRU TV

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »