ඔස්ටේ්‍රලියාව සහ ෆිජී අතර ගුවන් ගමන් ලබන දෙසැම්බර් 16 දා සිට

කලින් ප්‍රකාශයට පත්කල දිනයට සතියකට පෙර අන්තර්ජාතික ගුවන් ගමන් ආරම්භ කිරීමට Virgin Australia ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව සහ ෆිජී අතර ගුවන් ගමන් ලබන දෙසැම්බර් 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

කලින් සැළසුම් කර තිබුණේ එය දෙසැම්බර් 23 වනදා සිට ආරම්භ කිරීමටයි.

පලමුවෙන් සිඩ්නි සහ Nadi අතර ගුවන් ගමන් දෙසැම්බර් 16 වනදාත් / මෙල්බර්න් සහ Nadi අතර ගුවන් ගමන් 17 වනදාත් / බ්‍රිස්බන් සහ Nadi අතර ගුවන් ගමන් දෙසැම්බර් 18 වනදාත් ආරම්භ කෙරෙනු ඇති.

කොවිඩ් තත්වය හමුවේ වසා දමන ලද ඔස්ටේ්‍රලියා දේශ සීමා නැවත විවෘත කිරීමත් සමග කාලසටහනකට අනුව වර්ජින් ගුවන් සේවය විසින් ගුවන් ගමන් ආරම්භ කරන පළමු අවස්ථාව මෙයයි.

දෙසැම්බර් පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් කිහිපයක සංචාරකයන්ට සිය දේශ සීමා විවෘත කරන බව ෆිජී රාජ්‍යය නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »