
මෙල්බර්න් හි Casey ඇතුලු ගිණිකොන දිග suburbs කිහිපයක් මේ වනවිට කොවිඩ් අධි අවධානම් කලාප බවට පත්වෙමින් පවතී.
Casey නගරයේ දැනට සක්‍රීය ආසාධිතයන් 1387 ක් සිටින අතර එය වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සැළකීමේදී 03 වන ස්ථානයට වැඩිම සංඛ්‍යාවයි.
Hume හි ආසාධිතයන් 3244 ක් සහ Whittlesea හි ආසාධිතයන් 1751 ක් වාර්තා වී ඇත.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවඩ් ආසාධිතයන් අතුරින් 174 දෙනෙකු Casey ප්‍රදේශයෙන් හමුවී ඇති බවද සඳහන්.
එය ඊයේ ආසාධිතයන්ගෙන් එක් නගරයකින් හමුවූ වැඩිම ආසාධිතයන් ගණනද වනවා.

විශේෂයෙන් මෙල්බර්න් නගරයට පැමිණෙන සංක්‍රමණිකයන් අතුරින් Casey ආසන්න ප්‍රදේශවල පදිංචිවන ජනගහණයේ ඉහළයාමක් දක්නට ලැබේ.
එමෙන්ම Dandenong හි කොවිඩ් ආසාධිතයන් ගණන ද කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ඇත.
දැනට එහි සක්‍රීය ආසාධිතයන් 700 කට වැඩි පිරිසක් සිටින අතර ඊයේ දිනයේදී නව ආසාධිතයන් 109 ක් වාර්තා වී තිබේ.
මේ අතර ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයෙකු වන රවී විජේසේකර පවසන්නේ එන්නත ලබාගැනීමට ඇතැමුන් දක්වන අකමැත්ත මීට ප්‍රධාන හේතුව බවයි.
බොහෝ පුද්ගලයන් අසත්‍ය තොරතුරු විශ්වාස කරමින් සිටීම ඊට හේතුව බවටද ඔහු චෝදනා කර සිටී.