2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වයට ශ්‍රී ලංකාව, ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 04 ක් සටනට

2026 වසරේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවද කැමැත්තෙන් පසුවන බව බී බී සී ලෝක සේවය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ටේ්‍රලියාව / කැනඩාව සහ ඉන්දියාවද එලෙස කැමැත්ත පළකර ඇති රටවල් අතරට අයත්.

කෙසේවෙතත් මේ දක්වා කුමන රටකට සත්කාරකත්වය ලබාදෙන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැහැ.

ලබන වසරේ මුලදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදීයි.

2018 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහාද ශ්‍රී ලංකාව තරග වැදුණු අතර එහිදී එය හිමිවූයේ ඔස්ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයටයි.

 

SOURCE : https://www.bbc.com/sport/commonwealth-games/58870657

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »