ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේ කොන්සියුලර් සේවා යළි ආරම්භ කර තිබෙනවා.
සතියේ වැඩ කරන දිනවල පෙරවරු 07.30 සිට පස්වරු 03.00 දක්වා කොන්සියුලර් සේවා සැපයීම ආරම්භ කර ඇත.
අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය නිර්දේශ යටතේ කොන්සියුලර් සේවා සැපයීම ආරම්භ කර ඇත.
විදේශ අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක මෙය සඳහන්.
පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමයට දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු වනවා.