Search

Rapid antigen කට්ටල මිලියන 2.2 ක් ලබාදීමට වික්ටෝරියා රජය සූදානම්

Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 2.2 ක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වේ.

ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය හරහා  ඒවා ලබාදෙනු ඇත.

පාසල්, හදිසි සේවා සහ අවදානම් සහිත ස්ථාන වෙත කොවිඩ් ව්‍යාප්ත වීමට පෙර මෙම පියවර ගැනීමට අදහස් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,420 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.

මිය ගිය පිරිස 68 දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 28 ක් වාර්තා වූ අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

එමෙන්ම කැන්බරා නුවර Centenary Hospital for Women and Children හි විශේෂ සත්කාර ඒකකයේ එක් ළදරුවෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී තිබේ.