
මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියාසිටියේ මාසයක් ඇතුළත එම වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කර ඇති බවයි.
ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සගවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා සමත්වුණා.

මිලියන 12 කට අධික හෙළිදරව් කිරීම් ලේඛණ මෙහි අන්තර්ගතයි.
මෙලෙස නිකුත් කර ඇති ලේඛණවලට ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ නමද ඇතුළත්.

අයුතු ආකාරයෙන් ඔස්ටේ්‍රලියාවේ සහ අමෙරිකාවේ දේපළ මිළදීගත් බවටයි එහිදී චෝදනා එල්ලවී ඇත්තේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව වෙනම පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගය විසින්ද අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කලා.
පැන්ඩෝරා ලේඛණ හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවධාරණය කලා.
ඊට අමතරව සියලූ බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කලේ.