ඇතැම් කොවිඩ් ආසාධිතයන්ට දින 90 – 180 අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකියි

ඇතැම් කොවිඩ් ආසාධිතයන්ට දින 90 ත් 180 ත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති – සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර නිකුත් කල ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්වසන අපහසුතා – විශාදය – ආතතිය – හිසරදය – මාංශපේශී වේදනා – උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මෙලෙස පැවතිය හැකි බවයි.

මින් ආතතිය වැනි රෝග ලක්ෂණ සියයට 15 ක් වැනි ඉහළ මට්ටමකින් පැවතිය හැකි අතර අනෙකුත් ලක්ෂණ සියයට 1.5 ත් 08 ත් අතර අගයන්හි පැවතිය හැකියි.

කොවිඩ් ආසාධිතව රෝහල්ගතවූවන් අතර මෙම ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කල හැකි බවද එයින්ද වැඩි පිරිසක් කාන්තාවන් බවද ආචාර්ය චන්දිම ජීවන්දර තබා ඇති ට්විටර් සටහනෙහි වැඩිදුරටත් සඳහන්.

https://twitter.com/chandi2012/status/1444341218343673858?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1444341218343673858%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fnewsradio.lk%2Fsinhala%2Fwp-admin%2Fpost.php%3Fpost%3D11273action%3Dedit

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »