Day: October 3, 2021

නිවු සවුත් වේල්ස් නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක් ඇතිවී තිබේ. ලිබරල් පක්ෂ නියෝජිතයන් අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්. නියෝජ්‍ය අගමැති ලෙස Stuart Ayres ත් මුදල් ඇමති ලෙස Matt Kean ත් පත් කිරීමටයි වැඩිදුරටත් යෝජනාවී ඇත්තේ. මේ අනුව Gladys Berejiklian ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවූ නිවු සවුත්වේල්ස් අගමැති ධුරයට Dominic Perrottet පත්වීමට නියමිත අතර ඔහු එම තනතුරට පත්වන 46 වැන්නායි. 2011 වසරේදී නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට පළමු

Read More »

ඇතැම් කොවිඩ් ආසාධිතයන්ට දින 90 – 180 අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකියි

ඇතැම් කොවිඩ් ආසාධිතයන්ට දින 90 ත් 180 ත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති – සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර නිකුත් කල ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්වසන අපහසුතා – විශාදය – ආතතිය – හිසරදය – මාංශපේශී වේදනා – උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මෙලෙස පැවතිය හැකි බවයි. මින් ආතතිය වැනි රෝග ලක්ෂණ සියයට 15 ක් වැනි ඉහළ මට්ටමකින් පැවතිය හැකි අතර අනෙකුත් ලක්ෂණ

Read More »

ඔක්තෝබර් 11 දා සිට NSW නිරෝධායන නීති ලිහිල් කෙරේ

ඔක්තෝබර් 11 වනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිහිල් වන නිරෝධායන නීති අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා එන්නත්කරණයට ලක්ව ඇති පුද්ගලයන්ගේ හුදකලා කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කෙරේ. 06 වන දිනයේදී ඔවුන් පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරෙන අතර එහිදී සෘණාත්මක යැයි ඔප්පු වුවහොත් හුදකලා භාවයෙන් ඊලග දිනයේදී නිදහස් කෙරේ. කෙසේවෙතත් ඉදිරි දින 07 ඔවුන් හැකිතාක් නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකල යුතුයි. එන්නත්කරණයට ලක්ව නොමැති නම්

Read More »

ලබන 01 දා සිට නවසීලන්තයට පැමිණීමේදී එන්නත් මාත්‍රා 02 ම අනිවාර්යයි

ලබන පළමුවනදා සිට නවසීලන්තයට පැමිණෙන වයස අවුරුදු 17 ට වැඩි නවසීලන්ත පුරවැසියන් නොවන සියලු සංචාරකයන් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවට නියෝගයක් පණවා තිබේ. ඔවුන් රටට පැමිණීමෙන් පසු ආගමන විගමන අංශ වෙත එය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කල යුතු වනවා. නවසීලන්තය මුලුමනින්ම දේශ සීමා විවෘත කිරීමේ ප්‍රධාන අධියරක් ලෙස මෙය ක්‍රියාත්මකයි. කෙසේවෙතත් නවසීලන්තයට පැමිණෙන සියල්ලන් දින 14 ක නිරෝධායනයට යොමුවීම අනිවාර්යයි. ඊට අමතරව නවසීලන්ත රජය විසින් අවසර දී නොමැති රටවල් හැර අනෙකුත් සෑම රටකම සිට එන

Read More »

මෙල්බර්න් නගරය හෙට ලෝක වාර්තාවක් තබයි

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු වැඩිම දින ගණනක් Lockdown කර තිබූ නගරය බවට මෙල්බර්න් නගරය හෙට දිනයේදී පත්වනවා. ඒ මේ දක්වා දින 246 ක් Lockdown කර තැබීමත් සමගයි. මෙතෙක් එම වාර්තාව තබා තිබුණේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි. මේ සම්බන්ධයෙන් වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද අදහස් දක්වා තිබුණා. ඔහු ප්‍රකාශ කලේ ප්‍රාන්ත වාසීන්ගේ ආරක්ෂාව සළකා පමණක් මෙලෙස දීර්ඝ කාලයක් Lockdown කිරීමට සිදුවූ බවයි. එය අසීරු යැයි තමන් දැනුවත් නමුත් එන්නත්කරණ ඉලක්කය සපුරා ගන්නා තුරු කැපකිරීම් සිදුකිරීමට සිදුවන

Read More »