ලබන 01 දා සිට නවසීලන්තයට පැමිණීමේදී එන්නත් මාත්‍රා 02 ම අනිවාර්යයි

ලබන පළමුවනදා සිට නවසීලන්තයට පැමිණෙන වයස අවුරුදු 17 ට වැඩි නවසීලන්ත පුරවැසියන් නොවන සියලු සංචාරකයන් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවට නියෝගයක් පණවා තිබේ.

ඔවුන් රටට පැමිණීමෙන් පසු ආගමන විගමන අංශ වෙත එය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කල යුතු වනවා.

නවසීලන්තය මුලුමනින්ම දේශ සීමා විවෘත කිරීමේ ප්‍රධාන අධියරක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් නවසීලන්තයට පැමිණෙන සියල්ලන් දින 14 ක නිරෝධායනයට යොමුවීම අනිවාර්යයි.

ඊට අමතරව නවසීලන්ත රජය විසින් අවසර දී නොමැති රටවල් හැර අනෙකුත් සෑම රටකම සිට එන පුද්ගලයන් ගුවන් ගමනට පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු වනවා.

source : https://covid19.govt.nz/alert-levels-and-updates/latest-updates/new-vaccination-requirement-for-non-citizen-travellers-to-new-zealand/?fbclid=IwAR3R7g3M8RzG4H1lNMnM-LcTJxANlvQ33rL1taag0K_IQOTcLfXIEyzxve4

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »