වික්ටෝරියා සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා හුදකලා කිරීම් නීති සංශෝධනයට

වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා බලාත්මක හුදකලා කිරීම් නීති සංශෝධනය කිරීමට තීරණය වී තිබේ.

ඒ Coles සහ Woolworths ඇතුලු සුපිරි වෙළඳසැල් ආයතන විසින් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ සංශෝධනය කෙරෙන නීති කවරේදැයි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

සුපිරි වෙළඳසැල්වලට පැමිණෙන කොවිඩ් ආසාධිතයන් හේතුවෙන් සමස්ත සේවකයන් හුදකලා කිරීමත් අවධානම් ස්ථාන ලෙස නම් කිරීමත් නිසා වික්ටෝරියා හි සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාමට දැඩි බාධා එල්ලවී තිබේ.

එබැවින් ඇතැම් අලෙවිසැල් විවෘත පැය ගණන සීමා කිරීමටත් ඇතැම් අලෙවි සැල්වල සේවාවන් අඩු කිරීමටත් සිදුවන බවට සුපිරි වෙළඳසැල් හිමියන් කල දැනුම්දීම් සැළකිල්ලට ගෙනයි වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

Coles ආයතනය පසුගියදා කියාසිටියේ සිය සේවකයන් 30,000 ක් පමණ දැනට හුදකලා කර ඇති බැවින් සේවා පවත්වාගෙන යාම දැඩි අසීරු වී ඇති බවයි.

ඒ කොවිඩ් ආසාධිත පාරිභෝගිකයන් පැමිණිමත් සමග අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසාවෙනි.

කෙසේවෙතත් මෙම සේවක පිරිස් අතුරින් කිසිවෙකුත් කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වී නැහැ.

එබැවින් සෘණාත්මක ප්‍රථිඵලයක් ලද වහා යළිත් සේවයට පැමිණීමටත් හුදකලා භාවයෙන් ඉවත් වීමටත් හැකිවන පරිදි සුපිරිවෙළඳසැල් සඳහා ඇතැම් නීති රීති වෙනස් කරන ලෙස ඒවායෙහි කළමණාකාරීත්වය වික්ටෝරියා සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීයේය.

source : https://www.9news.com.au/national/victoria-to-change-covid19-isolation-rules-for-supermarket-staff/7116ade6-acdb-4aa8-abae-f4da69b6ca2a

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »