Day: October 2, 2021

යොහානිගේ අලුත් ගීත ඇල්බමය ලගඳීම

ළඟදීම තමා නිකුත් කරන නව ගීත ඇල්බමයත් සමග ,රසිකයින් තම සංගීතය හා නිරතුරුවම රැදී සිටිනු බවට විශ්වාස යැයි සිය ප්‍රථම සංගීත ප්‍රසංගය සදහා ඉන්දියාවට ගොස් සිටින , ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේදී පැවසුවාය. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන සී ටීවී (ZEE Tv )සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි. ඇයගේ මෙම ඉන්දීය සංගීත ප්‍රසංග සංවිධානය කළ සංවිධායක වන්නේද එම මාධ්‍ය ආයතනයයි.

Read More »
police

මෙල්බර්න් විරෝධතාවයේ නිරතවූ පිරිසක් අත්අඩංගුවට

නීති ඉවත් කිරීම සහ එන්නත්කරණ අනිවාර්ය කිරීමට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ විරෝධතාවයේ නිරතවූ පිරිසක් වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේවෙතත් කොපමණ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දැයි තහවුරු වී නැහැ. ඇතුලු ස්ථාන කිහිපයකදී විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවී තිබුණද පොලිසිය ඒවා විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකර විරෝධතා පවත්වා ඇත. කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන

Read More »

සති 02 ක් වසා තැබීම හමුවේ බාධා එල්ලවී ඇති වික්ටෝරියා ඉදි කිරීම් ව්‍යාපාර සඳහා $ මිලියන 200 ක මූල්‍ය සහන

වික්ටෝරියා ඉදි කිරීම් ක්ෂේත්‍රය සති 02 ක් වසා තැබීම හමුවේ බාධා එල්ලවී ඇති ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහන සැපයීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ප්‍රාන්ත මුදල් අමාත්‍ය Tim Pallas අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මේ යටතේ මෙල්බර්න් නගරයේ ව්‍යාපාරික ස්ථාන 70,000 කට පමණ ප්‍රතිලාභ අත්වෙයි. ඒ අනුව මාසික වැටුප් ගෙවන ප්‍රමාණය අනුව ඩොලර් 2000 – ඩොලර් 2800 – ඩොලර් 5600 සහ ඩොලර් 8400 ලෙස එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක්

Read More »

කොවිඩ් හේතුවෙන් රෝහල්ගත කිරීම් අඩකින් අඩු කල හැකි නව කරලක්

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයක් පිරිසක් සමත්ව තිඛෙනවා. මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති එය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් රෝගීන්ට ලබාදී අත්හදා බලා තිබුණා. එම ප්‍රථීඵල අතිශය සාර්ථක වී ඇති අතර මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බවයි නිෂ්පාදන සමාගම සඳහන් කලේ. පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල අධ්‍යයනයෙන් පසු රෝහල්ගතවීමට තරම් රෝග ලක්ෂණ මතුවී ඇත්තේ සියයට 7.3 කට

Read More »

ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට සිට Daylight saving ආරම්භ කෙරේ

ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට සිට Daylight saving ආරම්භ කෙරේ. ඒ අනුව හෙට එනම් ඉරිදා අලුයම 02 සිට සම්මත වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි. බටහිර ඔස්ටේ්‍රලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම මේ අනුව හෙට අලුයම 02 සිට වේලාව පැයක් ඉදිරියට ගැනේ. ජංගම දුරකථන – පරිඝණක ආදී ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇතත් බිත්ති ඔරලෝසු හෝ අතෙහි පළඳින සාමාන්‍ය ඔරලෝසුවල වේලාව සකස් කල යුතුයි. Daylight saving ක්‍රියාත්මක ප්‍රදේශ New South Wales, Victoria,

Read More »