Day: October 2, 2021

එන්නතට විරෝධය පළකර මෙල්බර්න් ස්ථාන කිහිපයක අදත් විරෝධතා

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේදීත් විරෝධතා සැලසුම් කර තිබේ. ඒ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමිනි. කුමන ස්ථානවල විරෝධතා පවත්වන්නේදැයි විරෝධතාකරුවන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන තැනැත්තන්ට උපරිම දඩ නියම කරන බවට වික්ටෝරියා පොලිසිය අවස්ථා ගණනාවකදී අනතුරු අගවා තිබේ. source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-protests-against-vaccine-mandate-planned-melbourne/7471d105-1e19-4d23-8646-2b86ea9dd225 

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 10 ක් – ආසාධිතයන් 814 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (01) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 814 ක් වාර්තා වි තිබේ. දැනට 1005 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 202 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 10 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 418 කි. https://twitter.com/NSWHealth/status/1444104960577130497?s=20

Read More »

මෙල්බර්න් ගිණිකොණ දිග Walk-in ක්‍රමයට එන්නත් දීමේ පුලුල් වැඩසටහනක් අද

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශය පුරා Walk-in ක්‍රමයට එන්නත් ලබාදීමේ පුලුල් වැඩසටහනක් අද ක්‍රියාත්මකයි. Monash Health South East Public Health Unit විසින් එය ක්‍රියාත්මක කරයි. මේ යටතේ අවුරුදු 12 ත් 59 ත් අතර අයට මොඩර්නා එන්නතත් 60 ට වැඩි අයට ඇස්ට්‍රා-සෙනෙකා එන්නතත් ලබාදීම සිදුකෙරේ. මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පූර්ව වෙන් කරවා ගැනීමද අනවශ්‍යයි. පහත ස්ථානවලදී එන්නත ලබාගත හැකිය. Dandenong Pop-up Clinic – Palm Plaza Mall Car Park (off Clow Street), Dandenong from 9am

Read More »
MELBOURNE VICTORIA

ඊයේ දිනයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,488 ක් හමුව ඇත. මරණ 2ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,591 කි. ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 71,224 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,878 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1444075947779497985?s=20

Read More »

1989 න් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කරයි

1989 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කර තිබේ. පසුගිය වසර හා සැසඳීමේදී නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ වැඩි වී ඇති බව සඳහන්. සිඩ්නි නගරය සැළකූ විට නිවාසයක මිළ ඩොලර් මිලියන 1.3 ක් පමණ වන අතර සියයට 20 ක මූලික තැන්පතුව සඳහා ඩොලර් 262,300 ක් වැය කල යුතුයි. පසුගිය මාසයේදී වැඩිම ප්‍රතිශතයකින් නිවාස මිළ ගණන් ඉහළ ගොස් ඇත්තේ හෝබාර්ට් හි වන අතර එය සියයට 2.3 ක්. කැන්බරා හි නිවාස මිල

Read More »