Search

යොහානිගේ අලුත් ගීත ඇල්බමය ලගඳීම

ළඟදීම තමා නිකුත් කරන නව ගීත ඇල්බමයත් සමග ,රසිකයින් තම සංගීතය හා නිරතුරුවම රැදී සිටිනු බවට විශ්වාස යැයි සිය ප්‍රථම සංගීත ප්‍රසංගය සදහා ඉන්දියාවට ගොස් සිටින , ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේදී පැවසුවාය.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන සී ටීවී (ZEE Tv )සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

ඇයගේ මෙම ඉන්දීය සංගීත ප්‍රසංග සංවිධානය කළ සංවිධායක වන්නේද එම මාධ්‍ය ආයතනයයි.

ඇය සමග සම්මුඛ සාකච්ඡාවේ නිරතවූ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න කිහිපයක් පහතින් දැක්වේ.

සී ටීවි මාධ්‍යවේදිනිය -ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?

යොහානි- “මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මට හිතා ගන්නවත් බැරි වුනා.”

මාධ්‍යවේදිනිය – ඔබට හින්දි භාෂාව පුළුවන් ද ?

යොහානි -ඇත්තටම මට ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරවීමට පුළුවන් වුනත් හින්දි භාෂාව ඉතාම හොදින් හසුරුවන්න බැහැ.ඒත් අපි බලමු ඉක්මනින්ම හින්දි භාෂාවත් ඉගෙන ගන්න.

ප්‍රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?

“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.මේ දුන් හැම ගෞරවයකටම යැයි ද යොහානි කියා සිටියාය.

මේ අතර හෙට (03) හයිද්‍රාබාද් නගරයේ දී දෙවැනි සංගිත ප්‍රසංගය පවත්වනු ඇත.

 

source : https://www.lankadeepa.lk/news/%E0%B6%BA%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9C%E0%B6%B3%E0%B7%93%E0%B6%B8/101-600241

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »