Mount Buller, Rawson, Woods Point ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පන 07 ක්

Rawson, Mount Buller, Woods Point ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පන 07 ක් වාර්තා වී තිබේ.

ඒවා රික්ටර් පරිමාණයේ සටහන්වී ඇත්තේ ඒකක 2.5 ත් 4.1 ත් යන පරිමාණයන්ගෙනි.

පසු කම්පනයකින් ආරක්ෂාවීමට ඔබ ගත යුතු පියවර කවරේද ?

හානි වූ ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්න නිවාසය තුළ සිටීනම් මේසයක් හෝ එවැනි ආරක්ෂිත දෙයක් යටට ගොස් ආවරණය වී සිටින්න

වීදුරු – ජනෙල් – දොර වැනි දෑ අසලින් ඈත්ව සිටින්න.

ඔබ ඇඳක් මත සිටීනම් කොට්ටයෙන් ඔලුව වසා ගන්න – එහෙත් හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු වන්න කම්පනය අතරතුර ගොඩනැගිලි අතර මාරු නොවන්න.

කම්පනයක් අතරතුර හැකිතාක් සිටින ස්ථානයේම ආරක්ෂිතව සිටින්න.

කිසිදු අවස්ථාවක විදුලි සෝපාන භාවිත නොකරන්න.

අත්‍යවශ්‍ය නොවේ නම් කිසිදු ආකාරයකින් රිය ධාවනයෙන් වළකින්න.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »