
පොලිස් අනතුරු ඇගවීම් නොතකා Lockdown විරෝධී උද්ඝෝෂණවල නිරතවූ පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මෙල්බර්න් සහ සිඩ්නි නගරවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 235 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ මෙල්බර්න් හිදීයි.
ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ඔවුන් සමග ගැටුම්වලට මැදිවූ පොලිසියේ 10 දෙනෙකුද තුවාල ලබා ඇත.

ඉන් ඇතැමුන්ගේ දෑත්වලට සහ නාසයට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවද වික්ටෝරියා පොලිසිය කියයි.
මෙල්බර්න් CBD හි විරෝධතා පැවැත්වීම තහණම් කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් අවසාන මොහොතේදී Richmond දක්වා එය ගෙන ගොස් තිබිණ.

මේ අතර සිඩ්නි හිදී පැවති විරෝධී උද්ඝෝෂණයකදී 35 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව නිවු සවුත් වේල්ස් පොලිසිය කියා සිටී.
Pic Credit: Darrian Traynor/Getty Images