Day: September 18, 2021

protest

Lockdown විරෝධී උද්ඝෝෂණවල නිරතවූ 250 ක් මෙල්බර්න් සහ සිඩ්නි හිදී අත්අඩංගුවට

පොලිස් අනතුරු ඇගවීම් නොතකා Lockdown විරෝධී උද්ඝෝෂණවල නිරතවූ පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මෙල්බර්න් සහ සිඩ්නි නගරවලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 235 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ මෙල්බර්න් හිදීයි. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ඔවුන් සමග ගැටුම්වලට මැදිවූ පොලිසියේ 10 දෙනෙකුද තුවාල ලබා ඇත. ඉන් ඇතැමුන්ගේ දෑත්වලට සහ නාසයට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවද වික්ටෝරියා පොලිසිය කියයි. මෙල්බර්න් CBD හි විරෝධතා පැවැත්වීම තහණම් කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් අවසාන මොහොතේදී Richmond දක්වා එය ගෙන ගොස් තිබිණ. මේ අතර

Read More »

මෙල්බර්න් – සිඩ්නි ලොව වඩාත් ආරක්ෂාකාරීම නගර 10 තුළට

ලොව වඩාත් ආරක්ෂාකාරීම නගර 10 තුළට ඔස්ටේ්‍රලියානු නගර 02 ක් ඇතුළත්ව තිබේ. ඒ සුප්‍රකට Economist සගරාව විසින් නිකුත් කර ඇති Economist Intelligence Unit’s Safe Cities Index (SCI) දර්ශකයට අනුවයි. මීට අනුව ලොව වඩාත් ආරක්ෂාකාරීම නගරය වන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයයි. 04 වන ස්ථානයට සිඩ්නි නගරයත් 09 වන ස්ථානයට මෙල්බර්න් නගරයත් තේරී පත්ව තිබේ. Copenhagen Toronto Singapore Sydney Tokyo Amsterdam Wellington Hong Kong Melbourne Stockholm Source : https://safecities.economist.com/

Read More »

වික්ටෝරියා කාන්තා රෝහලක් අවධානම් ලැයිස්තුවට – ගැබිණි මව්වරුන් 100 ක් හුදකලා කෙරේ

වික්ටෝරියා හි කාන්තා රෝහලක් කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කිරීමත් සමග එහි සිටි ගැබිණි මව්වරුන් 100 ක් පමණ හුදකලා කර තිබේ. Heidelberg, Mercy Hospital for Women රෝහලයි මෙලෙස අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත්තේ. පසුගිය 13 වනදා එම රෝහලට පැමිණි අයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීම මීට හේතුවයි. දැනට වික්ටෝරියා හි සක්‍රීය කොවිඩ් අවධානම් ස්ථාන ගණන 800 කට ආසන්නය. අවධානම් ස්ථාන

Read More »

ඔස්ටේ්‍රලියාව ඇණවුම් කල පළමු මොඩර්නා මාත්‍රා තොගය එයි

ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කරන ලද පළමු මොඩර්නා එන්නත් මාත්‍රා තොගය අද අලුයම මෙරටට ළගාවිය. එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් සිඩ්නි ගුවන් තොටුපළට එම එන්නත් තොගය ළගාවිය. මෙහි දෙවන මාත්‍රා තොගය ඉදිරි දින කිහිපයේදී පැමිණිමට නියමිතය. ඒ අනුව මෙම සතිය තුළදී ඔස්ටේ්‍රලියාවට ළගාවීමට නියමිත මුලු මොඩර්නා මාත්‍රා ප්‍රමාණය ලක්ෂයකි. ලබන සතියේ සිට ඔසු සැල් 1800 කදී මෙම මාත්‍රා ලබාදීම ආරම්භ කෙරේ. දැනට ඔස්ටේ්‍රලියාව තුළ සියයට 70 ක් ජනතාව පළමු මාත්‍රාව ගෙන ඇත.

Read More »

ඩොලර් මිලියන ගණනක් වංචා කිරීම : අගමැති ඥාති පුත්‍රයාට දඩුවම් නියම කිරීම අගහරුවාදා

ගොඩනැගිලි ඉදි කරන බවට පවසා ඩොලර් මිලියන ගණනක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව අගමැති ස්කොට් මොරිසන්ගේ ඥාති පුත්‍රයාට එරෙහි දඩුවම් නියම කිරීම ලබන අගහරුවාදා සිදු කෙරේ. අගමැතිවරයාගේ නම භාවිත කර කොන්ත්‍රාත් ලබාගෙන ගොඩනැගිලි ඉදි නොකර මුදල් වංචා කිරීමයි Mitchell Cole ට එරෙහි චෝදනාව වන්නේ. ඊයේ පැවති නඩු විභාගයේදී ඔහු පවසා තිබුණේ අගමැති මොරිසන්ගේ නම භාවිත කලේදැයි තමාට මතක නොමැති බවයි. තමා කොකේන්වලට ඇබ්බැහි වී සිටි බවද Mitchell Cole අධිකරණයේදී පවසා තිබිණ.   Source : https://www.9news.com.au/national/scott-morrison-nephew-mitchell-cole-facing-jail-ripping-off-building-clients/578b33c4-ff38-4c93-b369-fe121475c980

Read More »