ඔස්ටේ්‍රලියාව ඇණවුම් කල පළමු මොඩර්නා මාත්‍රා තොගය එයි

ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කරන ලද පළමු මොඩර්නා එන්නත් මාත්‍රා තොගය අද අලුයම මෙරටට ළගාවිය.

එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් සිඩ්නි ගුවන් තොටුපළට එම එන්නත් තොගය ළගාවිය.

මෙහි දෙවන මාත්‍රා තොගය ඉදිරි දින කිහිපයේදී පැමිණිමට නියමිතය.

ඒ අනුව මෙම සතිය තුළදී ඔස්ටේ්‍රලියාවට ළගාවීමට නියමිත මුලු මොඩර්නා මාත්‍රා ප්‍රමාණය ලක්ෂයකි. ලබන සතියේ සිට ඔසු සැල් 1800 කදී මෙම මාත්‍රා ලබාදීම ආරම්භ කෙරේ.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ සියයට 70 ක් ජනතාව පළමු මාත්‍රාව ගෙන ඇත.