South Gippsland Highway රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

වික්ටෝරියා අධිවේගී මාර්ගයක අද දහවල් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

South Gippsland Highway හි Devon Meadows හිදී පස්වරු 01.25 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ රියදුරු සහ මෝටර් රථයේ ගමන්ගත් තවත් අයෙකි.

U-Turn එකක් ගැනීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවිය.

දෙවන මෝටර් රථයේ රියදුරු ද තුවාල ලබා ඇත.

විමර්ශන අවසන් වන තෙක් අදාළ කොටස වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබේ.

 

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »