Day: September 17, 2021

කොවිඩ් ආසාධිතව ‘දින 399 ක්’ ප්‍රතිකාර ලැබූ අයෙකු සිඩ්නි රෝහලකින් සුවය ලබා යයි

කොවිඩ් ආසාධිතව දින 399 ක් ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු සිඩ්නි නුවර රෝහලකින් සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. 69 හැවිරිදි මෙම තැනැත්තා කොවිඩ් ආසාධිතව රෝහල්ගත කෙරුණේ පසුගිය වසරේ ජූලි 29 වනදායි. ඔහු සති 07 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලබා ඇති බවයි සිඩ්නි වාර්තාවල දැක්වෙන්නේ. කොවිඩ් වෛරසයෙන් සුව වුවද වෙනත් රෝගාබාධ කිහිපයක්ම පැවතීම හමුවේ මොහුට වසරකට වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදුවී තිබුණා.   Pic – 9News

Read More »

South Gippsland Highway රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

වික්ටෝරියා අධිවේගී මාර්ගයක අද දහවල් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. South Gippsland Highway හි Devon Meadows හිදී පස්වරු 01.25 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ රියදුරු සහ මෝටර් රථයේ ගමන්ගත් තවත් අයෙකි. U-Turn එකක් ගැනීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවිය. දෙවන මෝටර් රථයේ රියදුරු ද තුවාල ලබා ඇත. විමර්ශන අවසන් වන තෙක් අදාළ කොටස වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබේ.  

Read More »

ලාංකික විද්‍යාඥවරියකට අමෙරිකා ජනපතිගෙන් ඉහළම තනතුරක්

අමෙරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අශානි වීරරත්න, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පත් කර තිබෙනවා. ඇය මේ වනවිට සේවය කරමින් සිටින්නේ කොවිඩ් දත්ත සම්බන්ධයෙන් දැනට වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේයි. 1988 වසරේදී අමෙරිකාවට පැමිණ ඇති අශානි වීරරත්න මහත්මිය ප්‍රථමයෙන් මේරිලන්ඩ් හි ශාන්ත මේරි විද්‍යාලයේ ජීව විද්‍යාව හදාරා තිබුණා. ක්ෂූද්‍රජීව විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදුකර ඇති ඇය ලෝක ප්‍රකට අධ්‍යයන රැසකටද සිය දායකත්වය සපයා තිබුණා.

Read More »

ශ්‍රී ලංකාවේ ඇඳිරි නිතිය ඔක්තෝබර් 01 දා දක්වා දීර්ඝ කරයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කිරිමට අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝබර් 01 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබුවා.

Read More »
MELBOURNE VICTORIA

නොවැම්බර් දක්වා වික්ටෝරියා කොවිඩ් සීමා සැලසුම එළඹෙන ඉරිදා

නොවැම්බර් මාසය දක්වා පනවන කොවිඩ් නීති හා සීමාවන් විස්තර කරමින් lockdown කිරීමෙන් නිදහස් කිරීමේ වික්ටෝරියා ප්‍රාන්ත සැලසුම එළඹෙන  ඉරිදා නිකුත් කෙරේ. සිකුරාදා එනම් අද රාත්‍රී 12 සිට පහත පරිදි සීමා ලිහිල් කෙරේ. කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට නිවසින් බාහිර හමුවීම් සඳහා උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය. එනම් Picnic – ඇවිදීම් වැනි සියල්ලට අවසර ලැබේ. මාත්‍රා 02 ම ගෙන ඇති නිවාස 02 ක පදිංචි වැඩිහිටියන් 05 දෙනෙකුට

Read More »