නොවැම්බර් දක්වා වික්ටෝරියා කොවිඩ් සීමා සැලසුම එළඹෙන ඉරිදා

MELBOURNE VICTORIA

නොවැම්බර් මාසය දක්වා පනවන කොවිඩ් නීති හා සීමාවන් විස්තර කරමින් lockdown කිරීමෙන් නිදහස් කිරීමේ වික්ටෝරියා ප්‍රාන්ත සැලසුම එළඹෙන  ඉරිදා නිකුත් කෙරේ.

සිකුරාදා එනම් අද රාත්‍රී 12 සිට පහත පරිදි සීමා ලිහිල් කෙරේ.

කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට නිවසින් බාහිර හමුවීම් සඳහා උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය.

එනම් Picnic – ඇවිදීම් වැනි සියල්ලට අවසර ලැබේ.

මාත්‍රා 02 ම ගෙන ඇති නිවාස 02 ක පදිංචි වැඩිහිටියන් 05 දෙනෙකුට හා පවුල්වල සාමාජිකයන්ට බාහිර හමුවීම් සඳහා අවසර.

සංචරණය කල හැකි කලාපය දැනට පවතින කිලෝමීටර් 05 සිට 10 දක්වා ඉහළ දැමේ.

ශරීර සුවතා සඳහා පිටතට යා හැකි කාලය පැය 02 සිට 04 දක්වා වැඩි කෙරේ.

Outdoor Gyms – Skate parks විවෘත කෙරේ.

කෙසේවෙතත් රාත්‍රී ඇඳිරි නීති කාලය අඛණ්ඩව එලෙසින්ම බලාත්මකය.

Real estate inspections සඳහාද අවසර හිමිවන බව අගමැති ඇන්ඩෲස් පැවසීය.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »