Day: September 17, 2021

ජාත්‍යන්තර දුරකථන ජාවාරමක මහමොළකරුවන් 06 ක් මෙල්බර්න් නුවරින් අල්ලයි

ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ජාවාරමකට සම්බන්ධ මෙල්බර්න් පදිංචිකරුවන් 06 දෙනෙකුට චෝදනා ගොණු කර තිබේ. මෙමගින් ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් වින්දිතයන් බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කිසියම් දුරකථන සමාගමක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකයන්ට ඇමතුම් ලබාදීමයි මෙහිදී සිදුවී ඇත්තේ. දැනට භාවිත කරන phone plan වෙනුවට ඉතා අඩු මිළ ගණන් phone plan සහ  discounts ලබාදෙන බවට වංචනිකව මුලා කිරීමද සිදුව ඇතැයි සඳහන්. පසුව පාරිභෝගිකයාට නවතම ජංගම දුරකථනයක් දෙන බව පවසා ඔවුන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු ලබාගෙන මුදල් වංචා කර තිබෙනවා.

Read More »

Cadbury චොක්ලට් මෙල්බර්න් කම්හල් දෙකෙහි සේවකයන් අද සිට වැඩ වර්ජනයක

ජනප්‍රිය Cadbury චොක්ලට් නිෂ්පාදනය කරන මෙල්බර්න් හි පිහිටි කර්මාන්ත ශාලා දෙකෙහිම සේවකයන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. රැකිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඉහළ වැටුප් ඉල්ලමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ. හෙට පෙරවරුව දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර ලබන සඳුදා දක්වා කිසිදු අතිකාල සේවයක නිරත නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ. මෙල්බර්න් Cadbury කම්හල් දෙකෙහි සේවය කරන 360 කට ආසන්න පිරිසක් මෙම වර්ජනයට එක්වීමට නියමිතය. Lockdown තත්වය තුළ පවා තමන් චොක්ලට් ඇතුලු රසකැවිලි

Read More »