ජනප්‍රිය Cadbury චොක්ලට් නිෂ්පාදනය කරන මෙල්බර්න් හි පිහිටි කර්මාන්ත ශාලා දෙකෙහිම සේවකයන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
රැකිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඉහළ වැටුප් ඉල්ලමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.
හෙට පෙරවරුව දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර ලබන සඳුදා දක්වා කිසිදු අතිකාල සේවයක නිරත නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ.
මෙල්බර්න් Cadbury කම්හල් දෙකෙහි සේවය කරන 360 කට ආසන්න පිරිසක් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.
Lockdown තත්වය තුළ පවා තමන් චොක්ලට් ඇතුලු රසකැවිලි නිපදවීම අඩාලවීමට ඉඩ නොතැබූ නමුත් පාලනාධිකාරිය තම රැකියා කෙරෙහි දක්වා ඇති උනන්දුව ඉතා අල්ප බවටයි සේවකයන් චෝදනා කරන්නේ.