ජාත්‍යන්තර දුරකථන ජාවාරමක මහමොළකරුවන් 06 ක් මෙල්බර්න් නුවරින් අල්ලයි

ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ජාවාරමකට සම්බන්ධ මෙල්බර්න් පදිංචිකරුවන් 06 දෙනෙකුට චෝදනා ගොණු කර තිබේ.

මෙමගින් ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් වින්දිතයන් බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

කිසියම් දුරකථන සමාගමක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකයන්ට ඇමතුම් ලබාදීමයි මෙහිදී සිදුවී ඇත්තේ.

දැනට භාවිත කරන phone plan වෙනුවට ඉතා අඩු මිළ ගණන් phone plan සහ  discounts ලබාදෙන බවට වංචනිකව මුලා කිරීමද සිදුව ඇතැයි සඳහන්.

පසුව පාරිභෝගිකයාට නවතම ජංගම දුරකථනයක් දෙන බව පවසා ඔවුන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු ලබාගෙන මුදල් වංචා කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය වසරක් පමණ මෙම විමර්ශනය කර ඇත්තේ Australian Border Force, Australia Post, Toll, Optus, TPG Telecom & Telstra හි සහයෝගය ඇතිවයි.

අත්අඩංගුවට පත්වූවන් අතර Clayton (49) / Maidstone (35) / Keysborough (35) / Springvale South (25) / Box Hill (24) & Clayton (32) වනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »