මෙල්බර්න් පිහි ඇණුමකින් පුද්ගලයෙකු මරුට – අසල නිවසකින් කාන්තා මළ සිරුරකුත් හමුවෙයි

මෙල්බර්න් Bayswater North හි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

අද පෙරවරු 07 යි 10 ට පමණ මෙය සිදුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඊයේ රාත්‍රී 11 යි 30 ට පමණ මෙම ස්ථානය ආසන්නයේ පිහිටා ඇති Ringwood හි නිවසක තිබී කාන්තා මළ සිරුරක්ද හමුවිය.

මෙම සිදුවීම් දෙක අතර සබඳතාවයක් ඇති දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව වික්ටෝරියා පොලිසිය පැවසීය.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »