මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට නිර්දේශ කිහිපයක්

මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට මෙල්බර්න් නගර සභාව සාකච්ඡා ආරම්භ කර තිබේ.

2019 වසරේදී රටවල් 170 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුහු 150,000 කට වඩා මෙල්බර්න් නුවර ජීවත් වූහ.

නමුත් පසුගිය අගෝස්තු වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් 88,203 ක් පමණක් සිටින බව වාර්තා වේ.

වාර්ෂිකව මෙල්බර්න් නගරයේ රැකියාව කරන සිසුන් ගණන 80,000 ක් පමණ වන අතර ඔවුන්ගෙන් වික්ටෝරියා ආර්ථිකයට ඩොලර් බිලියන 13.7 කට ආසන්න මුදලක් හිමිවේ.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙල්බර්න් නුවර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත පැමිණීම ඉතා වැදගත් බව මෙල්බර්න් නගරාධිපතිනී Sally Capp පැවසුවාය.

එහිදී ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධව ක්‍රියාකාරකම් කිහිපයක් අනුමත කර තිබේ.

එම නිර්දේශ ඇතුළත් සමස්ත විස්තරය පහතින් :

https://www.timeout.com/melbourne/news/how-melbourne-plans-to-bring-international-students-back-090821

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »