Day: September 10, 2021

නිවසේ ඇති කරන සුනඛයා පහරදීමෙන් සිඩ්නි මවක සහ දියණියක බරපතල තුවාල ලබයි

සිය නිවසේ ඇති දැඩි කරන සුනඛයා පහරදීමෙන් සිඩ්නි නුවර පදිංචි මවක සහ දියණියක බරපතල තුවාල ලබා තිබේ. නිවු සවුත් වේල්ස් Macarthur region හි පදිංචි දෙදෙනෙකු American Staffordshire වර්ගයේ සුනඛයෙකුගෙන් මෙම පහරදීමට ලක්ව තිබිණ. 52 හැවිරිදි මව සහ 25 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා ලිවර්පූල් රෝහල වෙත රැගෙන ගොස් ඇත. ඔවුන්ගේ ගෙල – පාද – ඇතුලු ස්ථාන කිහිපයකට දරුණු තුවාල සිදුවී තිබේ. අසල්වැසියෙකු ඔවුන් බේරා ගැනීම සඳහා තාප්පයෙන් පැන පැමිණ ඇති අතර ඔහුද සුලු තුවාල ලබා

Read More »

කබ්රාල්ට එන්න මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් නිලවශයෙන් නිවේදනය කරනවා. ඒ මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි. ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ. සම්බන්ධිත පුවත් : කබ්රාල් යළිත් මහ බැංකු අධිපති ධූරයට ?

Read More »

වික්ටෝරියා දෛනික ආසාධිතයන් 1000 ඉක්මවා යා හැකි බවට අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන මෙම මාසය අවසානය වනවිට 1000 ඉක්මවා යා හැකි බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ. මහාචාර්ය Mary-Louise McLaws පවසන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය හා සමාන දෛනික ආසාධිතයන් වාර්තාවන තත්වයක් වික්ටෝරියා ප්‍රාන්තයේද උද්ගත විය හැකි බවයි. ඩෙල්ටා වෛරසයේ බලපෑමයි මීට හේතුවි ඇත්තේ. ගතවූ දින කිහිපය සළකා බැලීමේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් වැඩවීමක් මිස අඩුවක් දක්නට නොලැබුණු බව මහාචාර්යවරිය පෙන්වා දෙනවා. ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් ආසාධිතයන් 334 ක් සහ එක් මරණයක් සටහන්විය. Source :

Read More »

VIDEO : බුදුපිළිමයක් ක්‍රිඩා පිටියට ගෙනයන ලොව අංක ඵකේ ක්‍රිකට් විනිසුරු

අංක එකේ ක්‍රිකට් විනිසුරුවෙක් විදියට ඇත්තටම ඔහු පිට්ටනියට අරන් යන්නේ මොනවද? ඔහු වැඩ කරන්නේ කොහොමද ඇත්තටම අපි දකින්නේ ක්‍රිකට් විනිසුරුවරයෙක් පිටිය මැද කරන ඔහුගේ කාර්යභාරය පමණයි. දක්ෂ විනිසුරුවරයෙක් විදියට ඔහුගේ කාර්යභාරය ඊට එහා ගිය එකක්… ඒ සියලුම දේ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න https://www.facebook.com/kumardharmasenaofficial/posts/131148675907680?__cft__[0]=AZUfqkdVykHWwxyV83jsE4PE6oPwvTssZe3JD-5vX84uZOI9Mom9dr7GBi7-LgpINb-oRUClVpcN-2KxFuNjt-1Rq2dO8jUHo8OUHej_ZFOLhFFxo4nV1fL7nJsESsEth_kwjpNMVrL6t_LUmI8fgKzSnnecdi8T_EH_HJJ4RdUIiA&__tn__=%2CO%2CP-R

Read More »

ශ්‍රී ලංකාවේ ඇඳිරි නිතිය සැප්තැම්බර් 21 දක්වා දීර්ඝ කරයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කිරිමට අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබුවා.

Read More »