Day: September 10, 2021

මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට නිර්දේශ කිහිපයක්

මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට මෙල්බර්න් නගර සභාව සාකච්ඡා ආරම්භ කර තිබේ. 2019 වසරේදී රටවල් 170 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුහු 150,000 කට වඩා මෙල්බර්න් නුවර ජීවත් වූහ. නමුත් පසුගිය අගෝස්තු වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් 88,203 ක් පමණක් සිටින බව වාර්තා වේ. වාර්ෂිකව මෙල්බර්න් නගරයේ රැකියාව කරන සිසුන් ගණන 80,000 ක් පමණ වන අතර ඔවුන්ගෙන් වික්ටෝරියා ආර්ථිකයට ඩොලර් බිලියන 13.7 කට ආසන්න මුදලක් හිමිවේ. කොවිඩ් වසංගතයෙන් පසුව මෙල්බර්න් නුවර යථා තත්ත්වයට

Read More »

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් අතර දුම්රිය රියදුරෙකුත් – අද V/Line හි ගමන්වාර 100 ක් අවලංගුයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 334 දෙනා අතර දුම්රිය රියදුරෙකුද සිටින බව මේ වනවිට තහවුරු වී තිබේ. V/Line හි රියදුරෙකු මෙලෙස ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇති බව සඳහන්. මේ අනුව Southern Cross Station හි ඔහු සමග එකම සේවා මුරයක සිටි තවත් රියදුරන් කිහිප දෙනෙකුම හුදකලා කර ඇත. එබැවින් අද දිනයේදී V/Line හි දුම්රිය ගමන් වාර 100 ක් පමණ අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවන බවයි ප්‍රාන්ත දුම්රිය ආරක්ෂණ අමාත්‍ය Ben Carroll සඳහන් කලේ. අදාළ

Read More »

මෙල්බර්න් Cockatoo හිදී ගසක් කඩා වැටී ute රථයක ගමන් ගත් දෙදෙනෙකු මිය යයි

මෙල්බර්න් දකුණු ප්‍රදේශයක් වන Cockatoo හිදී මාර්ගයක තිබූ ගසක් කඩා වැටීමෙන් ute රථයක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. අද පෙරවරු 10.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වික්ටෝරියා හදිසි ආපදා අංශ සඳහන් කලේ. Woori Yallock Road මාර්ගය හරහා ගමන් කරමින් තිබූ රථයක් මතටයි මෙලෙස ගසක් කඩා වැටී ඇත්තේ. මෙම අනතුරත් සමග Avon Road සහ Rainy Hill Road අතර Woori Yallock මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ අනුව විකල්ප මාර්ග ලෙස Macclesfield Road හෝ Emerald-Monbulk

Read More »

NSW ප්‍රදේශ 12 ක පුද්ගලයන්ට අද සිට ක්වීන්ස්ලන්ඩ් පැමිණීමට අවසර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් regional ප්‍රදේශ සඳහා Lockdown තත්වය ඉවත් කිරීමත් සමග එක් එක් ප්‍රාන්ත විසින් පණවා තිබූ සීමා ලිහිල් කිරීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව නිවු සවුත් වේල්ස් සඳහා පණවා තිබූ දැඩි සංචරණ සීමා කිහිපයක් ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද කටයුතු යොදා ඇත. NSW හි ප්‍රදේශ 12 ක සිට සිසුන්ට සහ අත්‍යවශ්‍ය සේවකයන්ට අද සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමණීමට අවසර හිමිවනවා. කෙසේවෙතත් දැනට හුදකලා භාවයේ පවතින කලාප 38 ක පුද්ගලයන්ට එම අවසරය ලැබෙන්නේ නැහැ. පැමිණෙන

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1542 ක් – මරණ 09 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (09) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1542 ක් වාර්තා වි තිබේ. දැනට 1156 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 207 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 09 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 218 කි. https://twitter.com/NSWHealth/status/1436133945574244360?s=20

Read More »