NSW ප්‍රදේශ 12 ක පුද්ගලයන්ට අද සිට ක්වීන්ස්ලන්ඩ් පැමිණීමට අවසර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් regional ප්‍රදේශ සඳහා Lockdown තත්වය ඉවත් කිරීමත් සමග එක් එක් ප්‍රාන්ත විසින් පණවා තිබූ සීමා ලිහිල් කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව නිවු සවුත් වේල්ස් සඳහා පණවා තිබූ දැඩි සංචරණ සීමා කිහිපයක් ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද කටයුතු යොදා ඇත.

NSW හි ප්‍රදේශ 12 ක සිට සිසුන්ට සහ අත්‍යවශ්‍ය සේවකයන්ට අද සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමණීමට අවසර හිමිවනවා.

කෙසේවෙතත් දැනට හුදකලා භාවයේ පවතින කලාප 38 ක පුද්ගලයන්ට එම අවසරය ලැබෙන්නේ නැහැ.

පැමිණෙන සියල්ලන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඔවුන් කොවිඩ් ආසාධිත බව ඔප්පු වුවහොත් වහා හරවා යැවෙන බවයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk සඳහන් කලේ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »