Search

මෙල්බර්න් Cockatoo හිදී ගසක් කඩා වැටී ute රථයක ගමන් ගත් දෙදෙනෙකු මිය යයි

මෙල්බර්න් දකුණු ප්‍රදේශයක් වන Cockatoo හිදී මාර්ගයක තිබූ ගසක් කඩා වැටීමෙන් ute රථයක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද පෙරවරු 10.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වික්ටෝරියා හදිසි ආපදා අංශ සඳහන් කලේ.

Woori Yallock Road මාර්ගය හරහා ගමන් කරමින් තිබූ රථයක් මතටයි මෙලෙස ගසක් කඩා වැටී ඇත්තේ.

මෙම අනතුරත් සමග Avon Road සහ Rainy Hill Road අතර Woori Yallock මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස Macclesfield Road හෝ Emerald-Monbulk Road භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දන්වා සිටින්නේ.

https://twitter.com/VicTraffic/status/1436137965504372737?s=20

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »